18 වන ශතවර්ෂයේ දී නැටුම් තලයක රචනා කරන ලද ගීත ලෙස වන්නම් ආරම්භ වී ඇති බවට විශ්වාස කෙරෙන අතර එය උඩරට නැටුම් සම්ප්‍රදායට අයත් අංගයක් වේ. සිංහලයෙන් ‘වර්ණනා’ යන්න පරිවර්තනය වී ‘වන්නම්’ යන වචනය සෑදී ඇති අතර එහි තේරුම විස්තරාත්මක ප්‍රශංසාවයි.
වන්නම් නැටුම්වල කොටස් හතකි,
1. තානම- වන්නමේ අක්ශර අනූව ස්වර ගායනා කිරීම.
2.තිත- රිද්මයානුකූල වේලාවකදී ලබා දෙන අත්තාලම්.
3.කවිය- නර්තන ශිල්පියා විසින් ගායනා කරනු ලබන කවිය.
4.බෙර මාත්‍රය- බෙරය වාදනය කරන තාලය.
5.කස්තිරම- නර්තනාංගයේ පලමු කොටසේ අවසානය.
6.සීරු මාරුව- අඩව්වට සූදානම් වීම.
7. අඩව්ව- රිද්මයානුකූල ශරීර සහ පාද චලනයන්හි අවසානය.
මෙහිදී මුලින්ම ගහකා, ගජගා, අසදෘශ,උදාර සහ තුරඟා යන වන්නම් ගොඩ නැගුනු අතර පසුව, සොබාදහම, ඉතිහාසය, ආගම සහ ජනප්‍රවාද වලින් දේවානුභාවය ආශ්‍රිතව අනිත් වන්නම් බිහිවිය.
0 Comments