ලී කෙලි කවි


 එක පඳුරෙන් ලී සයක් කපා       ගෙන 

එක උස ඇති සදෙනෙක් තෝරා                 ගෙන 

ගුරුන් අතට දී ලී බෙද වා                           ගෙන 

අපිත් කෙලිමු ලී දෙපිල සෑදී                   ගෙන 


අහසේ දෙවියෝ රැස්ව                සිටින්නයි 

පොළොවේ දෙවියෝ බින්       බැසගන්නයි

සතර වරම් දෙවි බලා                  සිටින්නයි 

අද ලී කෙළියෙන්  අප දින                 වන්නයි 


බෝ අත්තට වැඳ සිරස නමන්නේ 

ආපස්සට වැද  මුන  පෙරලන්නේ 

ඒ පැත්තේ අය අප හඳුනන්නේ

බෝපාත්තිනි මට අවසර දෙන්නේ

Post a Comment

1 Comments