නෙලුම් කවි


 කැකුළු තිසරු ඔසරියෙන්  වසා       ගෙන 

රුපුළු වළලු දෑතේ තද දී                    ගෙන 

මැදලා පුස්කොළ තෝඩු තියා           ගෙන 

වෙල මැද නෙලුමට යමු සැරසී         ගෙන 


නාන විලේ නා ගස් නවයක්             තිබුනා 

නාන විලේ නා ගස් අතු                  බෙදුනා 

නාන විලේ නා ගස් වල මල්              පිපුණා 

නානවිලේ නා මල මුනිඳුට                 පිදුවා 



බෝගම්බර අපි නෙලුමට              යනකොට 

තිස් දෙදෙනෙක්  නෙල තෙයි                තානා 

තිස් දෙදෙනෙක් නෙළුවාට කුමක්         වේද 

සුහුරු ලියන් නෙල තෙයි                       තානා 

සුහුරු ලියේ නුඹේ ගන රන් කුභ          දෙක 

ලමැද  පුරා රඟදෙයි                                  තානා 

බෝගම්බර සිටි සුහුරු කිඩැ                    කෙලි

සැම දෙවියෝ රැක දෙයි                           තානා

Post a Comment

0 Comments