යුද්දෙටත් ඇවිත් සිදු පිට නැව් නැගලා - පරංගි
උන් නමුත් ඇවිත් කොළඹට ගොඩ බැහැලා
අන්දමත් සොඳයි කිසි බිසී ගාලා - කොළඹදි
කම්පලක් නැතුව සෙනගක් මරාදාලා
ලත් තනත් කියන් බාසෙන් රට ගන්ඩා - දෙමළු
මත් වෙලත් දොඩත් වෙරි මත පෙන්වන්ටා
කන් ගෙරිත් මසුත් උගෙ කුණු පණු යන්ඩා- ලමැද
රත් වෙලත් ගිනිත් සියොගත බැරි උන්ටා
නොමදින් විකුම් පාලා
සැදෙමින් යුදට ජය ලන්දෙසින් සමගින් ඒ ජනරාලා
සමිඳුන්ගෙ භුවි පාලා
සියසේ අතින් මියෙමින් ගියේ යුදයෙන් ඇනුම් කාලා
පන්නා ඒ ලන්දේසි
මන්නා මෙ ලෙස පෙන්නා බලය පන්නාලීය සීසී
ගෙන්නා ඉංග්‍රීසී
දන්නා ඔවුන් ගෙන්නා බැඳල සෙන්නා අයට දාසි
0 Comments