පන් නෙලීමේ කවි


 රිදී කූරු නැත ගත ලා                          ගන්නට 

සුදු පුස් කොළ ගෙන තෝඩු              දමන්නට 

රන් මාලා ගෙන කරේ                         දමන්නට 

මේ ලෙස සැරසී විලට                         බසින්නට 


ඉර සඳ පාන විල කොතැනද තුන්           හිරියා 

ඉර සඳ පාන විල මෙතනයි තුන්             හිරියා 

පන්නම් කරන අඟනෝ කාටත්                 සරියා

මට පැදුරකට පන් දෙනවාද තුන්            හිරියා


ගාන තෙල් සඳුන් සඳුන් වරලස ඔමරි      කොට 

මුහුණ පුරා තෙල් ගාගෙන යන                   කලට 

මාන බලති මිනුම් අනුව පන් තිබෙන       කොට 

නෑ නේ නුඹත් එනවද පන්                   නෙලන්නට 


එක් වෙලා ගියෝ පන් උදුරන්ට                   ගියෝ 

වෙන් වෙලා ගියෝ තැන තැන විසිර          ගියෝ 

උනා වරල පිටිපස්සට දමා                           ගියෝ 

සිනා සිසි එන්නයි පන්විල ට                        ගියෝ


ඉනේ බලාපන් ඉන වට සේල                බලාපන් 

අතේ බලාපන් අත වට වළලු                බලාපන් 

කරේ බලාපන් කරවට මාල                    බලාපන් 

දැදුරු ඔයෙන් එන එතනාගේ ඔමරි        බලාපන් 

Post a Comment

0 Comments