කුළු කවි


 අහසේ දෙවියෝ රැස්ව                   සිටින්නයි 

පොළොවේ දෙවියෝ බිම් බැස        ගන්නයි 

සතර වරම් දෙවි බලා                      සිටින්නයි 

අද කුළු නැටුමෙන් අප දින                   වන්නයි 


දෑතේ වීරිය නුඹටයි                 නෑනෝ 

ඒකෙන් වන පල රටටයි         නෑනේ 

කවට කතා බස් තෙපලන      නෑනෝ 

නුඹ සනසන්නට එන ද          නෑනෝ


කුල්ලේ වී ඇට බිමට          සලන්නේ 

බොල් වී ටික සුළඟටමය      යන්නේ 

වාරු ඇතිව ගත පුබුදු         කරන්නේ 

සතර වරම් දෙවි පිහිට         ලබන්නේ 


දහදිය මුතු පට නළල            දිලෙන්නේ

වාරු ඇතිව ඇඟ පුබුදු           කරන්නේ

සතර දෙනයි දැන් කුල්ල      පොලන්නේ

දෙවි පිහිටෙන් රට දැය සරු        වන්නේ 

Post a Comment

0 Comments