රබන් කවි


 කොමල අතින් ඇඟිලි තුඩින් සුරල්          නගන්නේ 

සවන පිනන මිහිරි හඬින් රබන්                 වයන්නේ 

ගැමි ලලනාවිය රබන්                                    වයන්නීය

ගැමි ලලනාවිය රබන්                                   වයන්නිය


අතකට ගෙන රබන් පොඩිය ගසති දිසි    රුවින්

ගත සිත බඳ සොලවා  සිලි සිලි නද         කරමින්

සිතකට වත්   නොගෙන දෑත විදුලිය        විලසින් 

අහසට දමමින් අල්ලා රබාන                       දෑතින් 


වරලසා විලස නීල මල් දමින් ගොතා සොබන 

මෙදිගැසා සදුන් තිලක ලමින් නළල        තා

ගෙල යසා රනිල් මාල කරේ පැලැඳ තා  දිළෙන

ඉගයසා රුවින් එපට සේල පැළඳ              තා

Post a Comment

0 Comments