කරට බඳින රන් මිණි මුතු මාලා
කනට ඔබින රන් තෝඩු දමාලා
අතට ගිගිරි රන් වළලු දමාලා
ඇඟට ඔසරි සුදු සේල දමාලා
රන් දෑ කැති ගෙන නිති සැරසෙනවා
රත්රාන් පටි ඉන වට දිලිසෙනවා
රිවි දුටු පිණිබිඳු ලෙස පහ වෙනවා
දුම්බර කෙතෙ අපි ගොයම් කපනවා
උදේ සිටන් වකුටු කොන්ද දිග ඇරපල්ලා
අතේ තියෙන ගොයම් මිටිය බිම දම පල්ලා
හිසේ තියෙන ලේන්සු පොඩි අතට ගනිල්ලා
සතර වරම් දෙවි පිහිටෙන් ගොඩ පලයල්ලා
ඉර දෙවියන්ගේ ඉර ගල ගාවා
සඳ දෙවියන්ගේ සඳ ගල ගාවා
ගණ දෙවියන්ගේ කෝවිල ගාවා
අපි කියමු කවි ගොවිපල ගාවා
0 Comments