උඩැක්කි කවි


 ගුත්තිල නම් පෙර ඉසුරුගේ         කුමරූ 

විත්තිය පෙර සිට පැවසුවේ            කවුරූ

සත්තිය ඇති ලෙස කීවෝ                කවුරූ

උඩැක්කිය මෙලොවට දුන්නෙ          කවුරූ


පෙර සම්මතයේ ගැසූ            උඩැක්කිය

සතර වරම් සැම දෙවිම           සාක්කිය 

මංගල මොහොතට සැදුණු    උඩැක්කිය

ගුරුන් අතට දෙන් මෙදා          උඩැක්කිය 


බුදු උන දා සිට ගැසූ             උඩැක්කිය 

ඒ බුදු මඟුලට ගැසූ                උඩැක්කිය 

සැම සත වෙතගෙන පෑව       උඩැක්කිය

අවසර ගෙන වයමු ය මේ         උඩැක්කිය 

Post a Comment

0 Comments